ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසලින් ජනතාවටත්


(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා එම බිත්තර අළෙවි කිරීමට සැළසුම් කර ඇතැයි ද කීය.

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර මේ දක්වා බේකරි ඇතුළු වෙනත් මහ පරිමාණ නිෂ්පාදන ආයතනවලට පමණක් නිකුත් කළේය.