(රංජන් කස්තුරි)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ.
ඒ අනුව දැනට රුපියල් 865ක් ව පවතින ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 835 දක්වා ද දැනට රුපියල් 345ක්ව පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 325 දක්වා ද අඩු කිරීමට නියමිතය.
කිරිපිටි මිල අඩුකිරීමේ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය පාරිභෝගික අධිකාරියේ අනුමැතිය සඳහා යවා තිබෙන අතර කිරිපිටි මිල අඩුවීම ඉදිරි දින කිහිපයකදී පමණ සිදුවනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.