
(යොහාන් භාසුර)
ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ඊයේ (26) සිට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පැවසීය.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති අතර ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබේ.
මෙම බදු සංශෝධනය ඊයේ (26) සිට මාස තුනක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
දේශීය අර්තාපල් සහ ලොකු ලූණු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර දේශීය අර්තාපල් සහ ලොකු ලූණු අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීහු චෝදනා කළහ.

