ආනයනය කරන සහල් වල අාසනික් තිබේදැයි බලන්න


සහල් මිල පාලනය කිරීම සඳහා ආනයනය කරන සහල් වරායෙන් බෑමට පෙර පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්නැයි වෛද්‍ය පර්යේෂකයෙකු වන වෛද්‍ය චන්න ජයසුමන මහතා ආනයන අපනයන පාලකවරයාගෙන් සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දියාව බංගලාදේශය සහ පකිස්තානය යන රටවලින් අපනයනය කෙරෙන සහල්වල අඩංගු ආසනික් ප‍්‍රතිශතය ඉහල   බැවින් මෙරටට ආනයනය කරන සහල් අනිවාර්යයෙන් පරික්ෂා කළ යුතු යැයි ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.

        ඉන්දියාවෙන් ගෙන්වූ සහල් සහ සහලින් නිපදවූ ආහාර ද්‍රව්‍ය වල ආසනික් අඩංගු බැවින් ඉරානය ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය එම සහල් ප‍්‍රතික්ෂේප කර තිබු බවත් මෙවැනි තත්ත්වයක් යටතේ මෙරටට ගෙන්වු සහල් පිළිබඳව ද සැක සංකා මතුවීම සාධාරණ බවත්  ඒ මහතා කීවේය.