ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කොළඹ ආනන් විද්‍යාලයේදී අද විවෘත විය.
‘පාසලෙන් වැඩ ලොවට‘ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත්, අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇරැඹූ මේ මධ්‍යස්ථානය මෝටර් රථ කාර්මික දැනුම න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව උගන්වයි.
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු යන ආරාධිතයෝ මෙම මධ්‍යස්ථානය විවෘත කළහ.
වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් එස් ආර් පී රත්නායක හා ආනන්ද විදුහල්පති එම් එල් ඩී ධර්මසිරි යන මත්වරු අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළහ.