ආනන්ද සාගරහිමි ඇතුළු පිරිසට බාධා කළ තවත් 22ක් අල්ලයි


(දයාරත්න ඇඹෝගම)

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට රාජාංගණය යාය 04 ප්‍රදේශයේදි  බාධා කරමින් වාහනයකට අලාභ හානි සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු අද (20)දින අත්අඩංගුවට ගත්බව රාජාංගනය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික වැඩ බිමක සේවය කරන රාජාංගණය ප්‍රදේශයේ පදිංචි වසය අවුරැදු 24 හා 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් 22 දෙනෙකි.

පසුගිය 06 දින රාජාංගණය,යාය04 ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාතියක පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විමට පැමිණි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට අයුතු අවහිරය,බිය වැද්දිම,නොසන්සුන්කාරි ලෙස හැසිරිම හා මොටර් රථයකට ආලාභ හානි සිදුකිරිමේ චෝදනා මත මොවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.