තමා පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බවත්, තමාට ඉදිරිපත් වී ඇති චෝදනාවලට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මීගමු සිර ගෙදර සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට පිටු තුනක ලිපියක් ලියමින් කියයි.
එහි පිටපත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්ට මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ට ද යවා ඇත.
ජනමාධ්‍යවල පළවූ වාර්තා නිසා මතුවූ තත්ත්වය ගැන තමා බලවත් සේ කම්පා වන බවත්, මේ සිද්ධිය පාදක කරගෙන තමාට විරුද්ධව දුෂ්ට කුමන්ත්‍රනයක් නිර්මාණ්‍ය කර ඇති බවත් ඔහුගේ ලිපියේ සඳහන් වේ.