ආනන්ද ශාස්ත‍්‍රාලයේ පළමු ඉනිම 145 කට සීමාවෙයි


මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය සහ මතුගම ශාන්ත මරියා විදුහල අතර මතුගම මහජන කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 50 වැනි පස්දුන් කෝරළයේ සටනේ පළමු දිනය වන ඊයේ තරගය නිමා වන විට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත මරියා විදුහල කඩුලූ 4 ක් දැවී ලකුණු 81 ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනාගත් ශාන්ත මරියා විදුහලේ කණ්ඩායම් නායක සමීර ද අල්විස් ආනන්ද ශාස්ත‍්‍රාලයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ඔවුන්ට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 145 ක් පමණි.

ආනන්ද ශාස්ත‍්‍රාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 145
(ලහිරු සංකල්ප 31, තිසරු ප‍්‍රියංගන 22/4, උදාර මධුසංක 12/3)

ශාන්ත මරියා විදුහල පළමු ඉනිම කඩුලූ 4 ක් දැවී 81
(කසුන් සමීර 32, තිසර ප‍්‍රියලාලිත 17)