ආනන්ද මෙන්ඩිස් ජීවිතයේ අවසාන ජවනිකාවේ


ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු හා සිනමා නළුවකු ද වන අතුල ශ්‍රී ආනන්ද මෙන්ඩිස් මහතා බලංගොඩ සිට සිය වාහනයෙන් එද්දී අද අලුයම හොරණදී බෝක්කුවකින් පහළට වැටී මරුමුවට පත්විය. තවත් මිනිත්තු ගණනකින් ගෙදරට යාමට සිටි ඔහු තවත් රියකට ඉඩ දී ඇති බව පෙනේ යැයි අනතුර දුටුවෝ කියති. 52 හැවිරිදි මෙන්ඩිස් ‘‘ආදරියේ‘ මලී “ ‘‘ රන්දිය දහර“ ‘‘ ලේ කිරි කඳුළු “ සිනමා පටවල රඟපෑවේය.