ආනන්ද කුමාරස්වාමි යළි කොළඹට


කොළඹ වික්ටෝරියා උද්‍යානය ඉදිරිපිට මාර්ගය යළි ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉතිහාසඥයකු හා කලාකරුවකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා නමින් නම් කිරීමට නව රජය තීරණය කැර ඇත. පසුගිය රජය නෙළුම් පොකුණ ඉදිරිකිරීමෙන් පසු එම මාර්ගය 2011 දෙසැම්බර් මස 15 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ නමින් මේ මාර්ගයේ කොටසක් නම් කළේය.

දෙමළ ජාතික විද්වතකු වූ කුමාරස්වාමි මහතාගේ නම වෙනස් කිරීම ගැන ඒ දිනවල දැඩි විරෝධයක් එල්ලවිය. ගිය රජය ඒ ගැන සැළකිල්ලක් දැක්වූයේ නැත.