ආනන්ද අනු නා හිමි සජිත්ට ආනන්ද ජනක පාර පෙන්නයි


රණසිංහ ප්‍රේමදාස ආදර්ශය අනුව යමින්  ඉවසීමෙන්  ප්‍රශ්න විසඳා ගනිමින්  පක්ෂය හා රට වෙන්වෙන්  කැප වන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන්  ඉල්ලා සිටින බව  ගිරාඹේ රාමඥඤ්ඤ මහා නිකායේ  අනු නා හිමියෝ  කොළඹ ජාතික පුස්කාල ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රේමදාස මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී  තනි ගමනක් නැති බවත් පක්ෂයේ නායකත්ව මණ්ඩලය සමඟ එක්වී  ගමනක් යන්නට තවමත් ඔහුට අවස්ථාව  ඇති බවත් ආනන්ද අනු නා හිමියෝ  අවධාරණය කළහ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු  ඉතා ප්‍රගතිශිලී අයුරින් සිදු කෙරෙන බවද පැවසු උන්වහන්සේ  මහා සංඝරත්නයේ සම්පුර්ණ ආශිර්වාදය  ඊට ලැබී තිබෙන බව  සඳහන් කළේය.