ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘2013 - ආධුනික බොක්සිං තරගාවලිය’ මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පිරිමි සහ කාන්තා යන අංශ දෙකින්ම, බර පංති 10 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ. මෙහි සියලූ තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය විසින් 2013 වසරේ හඳුන්වා දෙන ලද නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලිය සඳහා වයස අවුරුදු 17 ත් 40 ත් අතර මින් පෙර ආධුනික, මධ්‍යම, විවෘත හෝ වෙනත් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි ජයග‍්‍රහණය කර නොමැති තරගකරුවන්ට පමණක් සහභාගිවිය හැක.
එ සඳහා අයැදුම්පත්, මහේෂ් දහනායක, ලේකම්, ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය, මාස් ඉන්ටිමෙට් පුද්ගලික සමාගම, 7 වන පටුමග, බොරුපන පාර, කඳවලවත්ත, කඳවල, රත්මලාන’ යන ලිපිනයට යොමුකළ යුතුය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, යුනිචෙලා, ලීනියා, තුරුලිය, මාස් සදර්න්, සිලූටා වැනි කී‍්‍රඩා සමාජ රැසක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ බොහෝ දෙනෙක් දැනටමත් ලියාපදිංචිවී සිටිති.
තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර ඔවුහු ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන සහ ජාතික ශූරතාවලිය වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලට සහභාගී වීමටද සුදුසුකම් ලබනු ඇත.
(*)