ආධාර රැගත් තවත් යානයක් කටුනායකට


( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී සිටින ආපදා තත්වයෙන් මුදවා ගැනීම සදහා අවශ්‍ය උපකරණ සහ පුහුණු භටයන් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් , සිය සිව් වන ආපදා ආධාර රැගත් ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .

මෙම ගුවන් යානය තුළ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලත් අබුඩාබි සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 53 දෙනෙකු , වැළළී ඇති මිනිස් ඉව සොයා මෙහෙයුම් සිදු කළ හැකි සුනඛයන් , ඔවුන් ප්‍රවාහනය කරන වායුසමනය කළ වාහන , ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා භාවිතා කෙරෙන වාහන රැසක් ද තිබුණි .

ඊයේ(02 ) රාත්‍රී 09.20 ට අබුඩාබි නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන මේවා රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛාලිඩ් නසාර් අල් අමේරි , විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .