
(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය ආපදා ආධාර රැගත් 08 වන යානයත් 12/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110 ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාළමක් රැගෙන විත් තිබූ අතර , එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10 න් 02 වැනි එකකි .
මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි . පසුව මෙම පාළම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්‍ථාපිත කිරීමට නියමිතය .
මීට අමතරව බෝට්ටු , සීනි සහ විදුලි ජනක යන්ත්‍ර තොගයක් ද තිබුණි .
මේවා රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම ගුවන් යානය 12/04 දින පස්වරු 01.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

