බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැණිමේදී වසර දසදහස් ගණනක් පැරණි පොසිල තත්වයට පත් වු මානවයකුගේ පාදයක සැකිල්ලක් මතුකර ගත් බව පුරා විද්‍යාඥයෝ කියති.
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයාගේ අතක කොටස් සතියකට පෙර මතු කර ගැනීමෙන් පසුව කැණිම් පුළුල් කැරිණි.
අතක නෂ්ඨාවශේෂ හමු වු ස්තානයේදීම වඩා ගැඹුරින් කැණිමේදී වෙනත් පස් තට්ටුවකදී පොසිල තත්වයට පත්වී තිබෙන මානවයකුගේ පාදයක් මතු කැරගෙන ඇත.
කැණිම් අධික්ෂණය කරන නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය ආචාර්ය නිමල් පෙරේරා මහතා සදහන් කළේ මතුකර ගත් මානව පාදය වසර දසදහස් ගණනක් පැරණි බවයි.
පස් ස්ථරයේ ස්වාභාවයන් කළින් මතුකරගත් මානව අතක නෂ්ටාවශේෂයන් සැලකිල්ලට ගත් විට මේ වන විට මතු කරගනිම්න් තිබෙන්නේ මධ්‍යශිලා යුගයට අයත් මානවයකුගේ සිරුරක් බව පුරාවිද්‍යා නිලධරයෝ කියති
අද(22) කැණිම් වලදී පොසිල තත්වයට පත් මානව කොටස් රැසක් මතු කරගෙන තිබේ.