ආදි වාසියෝත් රජයේ සහායට


යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාකච්ඡා කිරීමට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එරෙහිව කොළඹ ද, උතුරු නැගෙනහිර ඇතුළු පිට පළාත්හි ද උද්ඝෝෂණ පැවැත්විණි. සංධාන පක්ෂ නායකයෝ ද ඊට නායකත්වය දුන්හ. මහා සංඝරත්නය, වෘත්තිය සමිති හා දඹානේ හා පොල්ලෙබැද්දේ ආදිවාසී නායකයෝ ද ඊට එක්වූහ.