ආදරවන්තයන්ට කඳුළු ගෑස් ගැසුවාට චෝදනා පත්‍ර


ගාල්ල රිච්මඩ් මහින්ද විදුහල් වාර්ෂික ක්‍රිකට් තරඟය ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේ ඇතිවූ කලබලයෙන් පසු නිල ඇඳුම් නැතිව කඳුළු ගැස් ගැසූ පොලිස් නිලධරයනට එරෙහිව චෝදනා පත්‍ර නිකුත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසූයේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ඔවුනට  චෝදනාපත්‍ර නිකුත් කළ බවයි.

මේ අනුව ඔවුනට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වේ.

මේ තරඟය පැවතියේ මාර්තු 23 වැනිදාය.