ආදරවන්තයන්ගේ දිනය ආගමානුකූලව සමරති


තරුණ තරුණියන්, පාසල් දරුවන් හා වැඩිහිටියන් සහභාගී කරගනිමින් ‘‘පහන් සිතට දහම් සිසිලක්“ වැඩසටහන අකුරැස්සේ දස මහා බෝධි සෙනසුන් විහාරස්ථානයේ දී සෙනසුරාදා පැවැත්විණි.

මේ වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබන්නේ ‘‘ආදරවන්තයන්ගේ දිනය“ ආගමානුකූලව සැමරීමේ ආදර්ශයක් සමාජයට ලබා දීමේ අපේක්ෂාවෙනි. වැඩසටහන පැවැත්වෙන දිනයේ දී අකුරැස්සේ සියළුම උපකාරක පන්ති වසා දමා දරුවන්ට ආගමික වැඩසටහන් සදහා සහභාගී කරවීමට ගුරුවරු ද කටයුතු කරති.

මෙවර සෙනසුරාදා වැඩසටහන පැවති අතර ඒ සදහා 5000ට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. විහාරාධිපති දිද්දෙණිපොත නන්දරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය හා ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන්සිදුකැරිණි

130220161321 130220161324 130220161326 130220161329