ආදර සැමරුම් ගැන කියන The Gift


රයන් වික්‍රමසේකරගේ නිෂ්පාදනයක් ලෙස නිකුත් වන The Gift කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් වැඩිමනත් කීමට නැත්තේ එසේ කීමෙන් ඔබේ නිර්මාණ රසවින්දනය හීන වන නිසාවෙනි. එය ආදර සැමරුම් පිළිබඳ කතාවකි. එහි ආරම්භයේ ආකාරයට බොහෝ දෙනෙකුට සිතෙන්නේ එය සරල සාම්ප්‍රදායික කතාවක් ලෙසින් වුවත් එහි අවසානයත් සමග එය වඩා වෙනස් මානයකට ගෙනයාම දැකිය හැකිය. එසේම මෙය කෙටි චිත්‍රපටයකට ඉතා කදිම තේමාවක් බවද සිහිපත් කළ යුතුමය. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි අධ්‍යක්ෂ සිතුරුවන් එස්. සුබසිංහ.

‘The Gift’ කෙටි චිත්‍රපටය නිර්මාණය වුණේ, ‘සබඳතාව’ යන තේමාව යටතේ. මෙහි පිටපත් රචක රයන් වික්‍රමසේකරගෙ අදහස වුණෙත්, කාලීනව වැදගත් වන මාතෘකාවක් ඉදිරිපත් කිරීමයි. නොඉවසිලිමත්කම නිසාම, ඉතා සුළු කාරණාවක් දරුණු ඛේදවාචකයක් දක්වා ගෙනයන සිදුවීමක් මෙම කතා පුවතෙන් දිගහැරෙනවා.

අවසනාවන්ත ඉරණමකට මුහුණපාන තරුණයෙකු සහ ඔහුගේ පෙම්වතිය වටා ගෙතෙන මෙම චිත්‍රපටයෙන්, ආදරණීයයන්ට උකහාගත හැකි යමක් ඇතැයි කියා අප විශ්වාස කරනවා. එමෙන්ම මතුපිට පෙනෙන දෙයින් ඔබ්බට ගිය අවබෝධයක් සහ විශ්වාසයක්, පෙම්වතුන්/පෙම්වතියන් සතුව තිබිය යුතුයි, යන පණිවුඩය ගෙන ඒම තමයි අපගේ මූලික අරමුණ වුණේ”

දෙබස් සහ අධ්‍යක්ෂණය

  • සිතුරුවන් එස්. සුබසිංහ

කතාව

  • රයන් වික්‍රමසේකර

කැමරාකරණය

  • තිළිණ දිනූෂ
  • චතුරංග සූරියාරච්චි

සංස්කරණය

  • හරී හරන්

සංගීතය

  • මෙල්වින්

රංගනය

  • රයන් වික්‍රමසේකර
  • නෙළුම් කුරුගලආරච්චි

 

රචින්ත ජයවර්ධන