මහින්ද - රිච්මන්ඩ් ගැටුමට හේතු වුයේ ඕවර නමයකින් ලකුණු 114ක් රැස්කර ජයගග්‍රහණය කර හිමි කර ගැනීමේ ඉලක්කයක් රිච්මන්ඩ් විදුහලට ලබා දීමෙන් පසුවය. එහෙත් රිච්මන්ඩ් විදුහලට ලබාගත හැකි වූයේ ඕවර නමයේදී ලකුණු 92ක් පමණී
මුල් ඉනිමේදී සියල්ලන් දැවී මහින්ද විදුහල ලකුණු 198 ද රිච්මන්ඩ් විදුහල කඩුලු හතක් දැවී ලකුණු 175 ද රැස්කර ගත්තේය. දෙවැනි ඉනිමේ දී මහින්ද විදුහල් ක්‍රිඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 91ක් පමණි. රිච්මන්ඩ් විදුහලට ඕවර නමයකදී ලකුණු 114ක ඉලක්කයක් ලැබුණේ ඉන් පසුවය. එම ඉලක්කය කරා යන්නට රිච්මන්ඩ් ක්‍රීඩකයනට නොහැකි වූ විට මහින්ද විදුහල් ආදි සිසුන්, මව් පියන් දෙසට ගල් ප්‍රහාර එල්ල වන්නට වූ බව වාර්තා වෙයි. පොලිසිය ද කඳුළු ගෑස් එල්ල කෙළේය. මහින්ද විදුහල් ආදි සිසුන් පැවැසුයේ පොලිසිය ද තමන්ගේ පැත්තට කඳුළු ගැස් එල්ල කළ බවයි. කඳුළු ගෑස් වැදී මහින්ද ආදි සිසුහුද මව් පියෝ ද කුඩා දරුවෝ ද දැඩි අපහසුතාවට පත් වූහ. බොහෝ දෙනෙක් ගෑ ගසූහ.
මේ තරගය හැඳින් වූයේ ආදරවන්තයන්ගේ තරගය ලෙසිනි.
මහින්ද ආදි සිසුවකු වන ලසිත් මාලිංගගේ ඡායාරූපයක් ද මහින්ද විදුහල් කොඩිය ද මාලිංග මෑත දී මාධ්‍යවේදීනට කියූ කියමනක් ද සහිතව බැනරයක් රිච්මන්ඩ් විදුහලේ කූඩාරමේ එල්ලා තිබීම රිච්මන්ඩ් මහින්ද අවුලට හේතුවන්නට ඇතැයි එහි සිටි මාධ්‍යවේදීහු කියති. එම බැනරය ගලවා ඉවත්කරන ලෙස කළ ඉල්ලීම රිච්මන්ඩ් කූඩාරමෙන් ප්‍රතික්ෂේප කර ඇත.‘ ‘වැඩක් බලාගෙන යනවා යන්න‘‘ යනුවෙන් මාලින්ග කියූ වදනකින් මහින්ද විදුහලට අපහාස වන අකාරයෙන් ප්‍රදර්ශනය කිරීම සමාව දිය නොහැකි වරදක් බව මහින්ද ආදි සිසුහු බොහෝ දෙනෙක් කියති.