ආදරය, සඵලත්වය හා විනෝදාශ්වාදයේ සංකේතය වන ගුරුළුරාජ මල මේ දින වල නිල්ගල රක්ෂිතයේ ගස් වල පීපි තිබේ. මල් පිපෙනුයේ නොවැම්බර් අප්‍රේල් සමයේය. උඩවැඩියා මලක් වන ගුරුළුරාජය වද වීමේ තර්ජනයට ලක් වී ඇත.
අරළු,බුළු, නෙල්ලි සහ කහට ගස් හි සරුවට වැවේ.ඌව පළාතේ ‘පළාත් සභා පුෂ්පය‘ ද වන්නේ එයයි.
ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හා ඇසෑමයේ ද ජාතික පුෂ්පයයි. ශ්‍රී ලංකාව මලයාසියාව, සිංගප්පුරුව තායිලන්තයේ හා ඉන්දියාවේ වැවෙන මේ මල ෆොක්ස් ටේල් යනුවෙන්ද හැදින්වේ. සර්ප විස , බඩේ අමාරුව,සෙම,ඇදුම,හිසේ අමාරු , සිරීම් ,තුවාල හා කැපුම් සුව කිරීමට අතීතයේ සිටම ගුරුළු රාජය යොදා ගන්නා බව අයුර්වේදයේ සදහන් වේ.