ආණ්ඩුවේ යෝජනාව අතේ පත්තු වේ


(නිමල කොඩිතුවක්කු)

ප්‍රාදේශීය සභා, නගර සභා, සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත බලාත්මක කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැකගැනීමට රජයේ යෝජනාව අතේ පත්තු වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා ව පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බැවින් පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් රැකගැනීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය වී ඇතැයිද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් මෙසේද කීවේය.