බන්ධනාගාරයේ ජංගම දුරකථන භාවිතය අවහිර කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දැනට වැලිකඩ ක්‍රියාත්මක මෙම ක්‍රමය සෙසු බන්ධනාගාරවලටද දීර්ඝ කරන බව ඔහු කීය.
බොහෝ සිරකරුවන් අයථා මාර්ගවලින් ජංගම දුරකථන පාවිච්චි කිරීම බරපතල ප්‍රශ්නයක් බැවින් නොයෙකුත් අපරාධවලට හේතුවක් බව බන්ධනාගාර ආරංචි කියයි.
මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසූයේ පාර්ලිමේන්තු සභා ගැබේ ජංගම දුරකථන පාවිච්චි කිරීම අවහිර කිරීමේ ප්‍රශ්නයක් නැති නමුත් පාර්ලිමේන්තු මන්දිරයේ ඇතැම් තැන්වල සිට ඇමතුම් ගැනීමට නොහැකිවීම ගැටළුවක් වන හෙයින් ඊට පිළියම් යොදන ලෙසයි.

