ආණ්ඩුවට සහය පළ කරන්න යළිත් ජනතාව කොළඹට එනවා


( අජන්ත කුමාර අගලකඩ ) 
 
ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා ලබන මස මුලදී  ජනතාව යළිත් වරක් කොළඹට කැඳවීමට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ  තීරණය කර ඇත.


අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන්   අගමැති කාර්යාලයේ පැවැති  ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රී   රැස්වීමකදී   මෙම තීරණය ගෙන තිබේ. 


මේ අතර ආණ්ඩුවට  සහය    පළ කරමින්  දිස්ත්‍රික  මටිටමින්ද  රැස්වීම්  මාලාවක් පැවැත්විමට එහිදී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ   මන්ත්‍රීවරයෙක්  පැවසීය.


මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය  සම්බන්ධයෙන්  ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කිරීම ඇතුළු කටයුතු  සඳහා  මැති ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්  පත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.