(යොහාන් භාසුර)
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (14) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා රජය ස්මාරකයට මේ දක්වා කිසිඳු විරෝධයක් දක්වා නොමැති බවත් ජනාධිපතිවරයා, අගමැතිවරිය හෝ විදේශ අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩු බලය සඳහා ඇති කෑදරකම නිසා, අදාළ ප්‍රජාවේ සහාය තවදුරටත් ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව මුනිවත රැකීමට කටයුතු කරන බව කී එදිරිමාන්න මහතා පැවසුවේ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුව නොමැති බවට ප්‍රකාශ කර ඇති පසුබිමක, දෙමළ ජාතික ජන සංහාරය පිළිබඳ මතවාදය යළි කැනඩා සමාජය තුළ මතුවීම හා වත්මන් ආණ්ඩුව බලයට පත්වීම අතර සම්බන්ධතාවක් පවතින බව සඳහන් කළේය.
ජනාධිපති මැතිවරණ කාලයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබා ගැනීමට 2024 වසරේ කැනඩාවට ගිය පසු මෙම එල්.ටී.ටී.ඊ සමරු ස්මාරකය නිර්මාණය කළ පිරිස සමඟ ළඟින්ම කටයුතු කළ බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සදඟන් කළේය.