ආණ්ඩුවට ප්‍රශ්නයක් නැති රහස රංගෙ කියයි


‘මහින්ද රාජපක්ෂ ජනපතිට චමල්, ගෝඨාභය හා බැසිල් යන සොහොයුරන්ට අමතරව තවත් සහෝදරයෙක් සිටී. ඒ රනිල්.

ඔහු රාජ පාක්ෂික සහෝදරයෙක්. ඔහු නිසා කිසිම අතුරු අන්තරාවකින් තොරව ආණ්ඩුව ගෙන යෑමට ජනාධිපතිට අවස්ථාව ලැබී ඇතැයි‘  පුත්තලම් දිසා එජාප මන්ත්‍රී රංගෙ බණ්ඩාර කුලියාපිටියේදී පැවසීය.

ඔහු මෙසේද කීවේය.

‘අවුරුදු 19ක   සිට එජාපයේ අප ඉන්නේ විපක්ෂයේ. 2001 අවුරුද්දේ සිට අවුරුදු දෙකයි මාස හතරක් එජාපය ආණ්ඩු බලයේ සිටියද, රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය ද එහි පැවතියේ විපක්ෂ රූපී ලක්ෂණයි.‘