ආණ්ඩුවට උතුරු ඡන්දය දිනන්න බෑ


දෙමළ ජාතික සන්ධානයේ  දේශපාලනඥයින්  එක්සත් ජනතා නිදහස් සන්ධාන වෙත බඳවා ගත්තද  ආණ්ඩුවට උතුරුපළාත් සභා  මැතිවරණය ජයගත නොහැකි බව  දෙමළ ජාතික සන්ධානයේ  මාධ්‍ය ප්‍රකාශක සුරේෂ්  ප්‍රේමචන්ද්‍ර මහතා  කියයි.

ඉකුත්දා  ජනාධිපතිවරයා අතින් එක්සත්ජනතා නිදහස් සන්ධානයේ  පක්ෂ සාමාජිකත්වය ලබා ගත්  දෙමළ ජාතික සන්ධානයේ වඩමාරච්චි  ප්‍රාදේශිය සභාවේ  හිටපු උප සභාපති  ඊ සන්තසෝරූපන්  සහ පේදුරුතුඩුව ප්‍රාදේශිය සභාවේ  උප සභාපති එම් ලෝගසිංහම්  යන මහත්වරුන්ගේ  ඉල්ලා අස්වීමේ ලිපි බාර ගෙන  ඔවුන්  දෙමළ  ජාතික සන්ධානයෙන්  ඉවත් කළ බවද ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසිය.