ජනපතිගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජනපති අගමැති ඇතුළු රජයට හා ලක්වාසීන්ට සෙත්පතා සංඝගත දක්ෂිණාවක් හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියගේ සහභාගිත්වයෙන් ජනවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
අමරපුර සද්ධම්මවංශ ලීලානන්ද සංඝ සභාවේ අනුනායක ජාතික සංඝ සම්මේලනයේ සභාපති සහ රාජගිරිය ජයශේඛරාමාධිපති රජවත්තේ වප්ප නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ ජයෙශේඛරාරාමයේදී පිංකම පැවැත්වේ.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනයද නිමිත් කරගෙන පැවැත්වෙන මෙම සත්කාර්ය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අනුබද්ධ බම්බලපිටිය ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම දායකත්වය දක්වයි.

