ආණ්ඩුව හාල් රටින් ගෙන්වන්නෙ බදු ආදායම වැඩි කරගන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව සහල් ආනයනය කරන්නේ බදු ආදායම වැඩි කරන්නට දැයි සැකයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මූල්‍ය අරමුදල බදු ඉලක්කයක් ලබා දී ඇති බවද සහල් ආනයනයෙන් එය පියවා ගන්නට හදන බවද සජිත් ප්‍රේමදාස මහතාා කීය.

සහල් අතිරික්තයක් තිබියදී ආනයනය කරන්නේ කුමටදැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.

මේ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ වැඩක් බව කී සජිත් ප්‍රේමදාස මහතා එයින් පාරිභෝගිකයා මෙන්ම වී ගොවියාද අසරණ වන බව කීය.

මේ ආණ්ඩුව සමයේ වැඩිපුරම බඩ ඉරිඟු ප්‍රමාණයක් ආනයනය කර තිබෙන බව කී සජිත්  ප්‍රේමදාස මහතා කොරෝනා කාලයේදී වත් එතරම් බඩ ඉරිඟු ප්‍රමාණයක් ආනයනය කර නැති බව කීය.