ආණ්ඩුව හම්බන්තොට බලය රැක ගනී


හම්බන්තොට සමස්ථ ප්‍රතිඵලය මීට මඳවේලාවකට කලින් නිකුත් කෙරිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 174,687 ද එක්සත් ජාතික පක්ෂය 79,829 ක්ද,  ජනතා විමුක්ති පෙරමුණ 39,345ක් ද, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ඡන්ද 9,547ක් ද හිමි කර ගත්තේය. ඒ  අනුව පාලක එක්සත් ජනතා සංධානයට ආසන 8ක් ද, එක්සත් ජාතික පක්ෂයට 4ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 2ක් ද හිමිකර ගෙන ඇත.

2009 පැවැති පළාත් පාලන මැතිවරණය එක්සත් ජනතා සන්ධානය ඡන්ද 192,961 ක් ලබා ගත් අතර ආසන 8 හිමිවිය.  එක්සත් ජාතික පක්ෂය පක්ෂය 62,391 ක් හිමිකර ගත් අතර ආසන 3ක් , ජනතා විමුක්ති පෙරමුණ 31, 734 හිමි වූ අතර ආසන එකක් හිමි විය.

මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කටය මන්ත්‍රී ආසන දෙකක් වැඩි වූ අතර මාතරට සහ ගාල්ලට එක බැගින් අඩුවිය. වැඩි වූ ආසන දෙකම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට හිමි වීඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයට වඩා මෙවර එක්සත් ජනතා සන්ධානයට ඡන්ද අඩු වීමක් දක්නට ලැබේ.