ආණ්ඩුව හදිසි නීතියෙන් මාධ්‍ය නිදහස උදුරන්න හදනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කර කතා කිරීමේ සහ මාධ්‍ය නිදහස යටපත් කරන්න උත්සාහ කරන බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

"පහුගිය 28 වෙනිදා හදිසි නීතිය දැම්මා.මර්දනය කරන්න හදිසි නීතිය පාවිච්චි කරන්නේ නැතැයි ජනපති කිව්වා.නමුත් වටගල ඇමතිතුමා හදිසි නීතිය ගැන නිලධාරීන්ට කියා දෙන ආකාරය අප දුටුවා.ආණ්ඩුවට විරුද්ධ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වලට විරුද්ධව පියවර ගන්නැයි  නියෝජ්‍ය ඇමැතිවරයා උපදෙස් දුන්නා.මේක ඉතා භයානකයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.