ආණ්ඩුව විපක්ෂයේ කනෙන් රිංගයි


අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණි විරෝධය දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කතිකයන් නොසිටීම නිසා විවාදය හිටිගමන් අවසන් විය. ජවිපෙ මන්ත්‍රීගේ කතාවෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතාගේ වාරය එළැඹි බව මූලාසනයෙන් දැනිවිණි. එහෙත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කළේය. සිකුරාදා පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත වූ විවාදය හිටි ගමන් මෙසේ අවසන් විය.