මතෘභූමිය ඊළාම්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ උවමනාවන්ට අනුව බෙදා වෙන් කිරීමේ න්‍යායපත්‍රයක් වර්තමාන රජය ක්‍රියාත්මක කරමින් සිටින බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
මාදුළුවාවේ සෝභිත හිමියෝ ජීවතුන් අතර සිටියා නම් වත්මන් රජයට විරුද්ධව කටයුතු කරන බව ආනන්ද හිමියෝ කීහ.
පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එසේ සඳහන් කළහ.