පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය ලබා නොදීමට පමණක් නොව එම අයිතිය ඉල්ලා සිටින්නන් මර්දනය කිරීමටද වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරන ලෙසත් ඔහු ලංකාවේ පුරවැසියෙකු ලෙස පිළිගන්නා ලෙසත් බල කරමින් කොටුව දුම්රියපල ඉදිරියේ නොවැම්බර් 13 දින සිට පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය නැවැත්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් පතා ඇතැයි ද ඔහු පවසයි.
‘මෙම උද්ඝෝෂණය සඳහා අට්ටාලයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පොලීසිය නඩුවක් පවරා ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන්ට මෙන්ම කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ නැගණියට සහ තවත් වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන්ට අද (18) උසාවියට කැඳවා ඇත. දුමින්ද නාගමුව, ධර්මසිරි ලංකාපේලි, නිරන්ජනී ගුණරත්නම්, අජිත් කුමාර සහ සංජීව බණ්ඩාර ද ඒ අතර වෙති.‘

