රනිල් වික්‍රමසිංහ අගමැති සමග ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ජගත් ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාවෙන් ගිය 40 දෙනා වෙනුවෙන් දිනකට දැරූ වියදම හෙළි කරන්නැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද පැවසීය.
රට බරපතල ආර්ථික හා මූල්‍ය අර්බුධ රැසකට මුහුණ පා ඇතැයි ද ඔහු කීවේය.
බටහිර ආයෝජකයන් නොපැමිණි හෙයින් කොළඹ වරාය නගර යෝජනා ක්‍රමය යළි අරඹන ලෙස ආණ්ඩුව චීනය ඉදිරියේ දණ ගසා ඇතැයි ද ඔහු කීවේය. ගිය රජය ඇරඹු මෙම ව්‍යාපෘතිය නව රජය දස මාසයකට පෙර නතර කළ බවද ඔහු කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ



