(විමුක්ති එස් රුද්‍රිගු)
මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 24 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මේ වනවිට සියයට 62 දක්වා ඉහළ ගොස් ඇත.
රට හිතන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එය සියයට 7 ක් ලෙස සටහන් වූ බවත් මෙම වසරේදී එය සියයට 62 දක්වා ඉහළ යෑම සැලකිය යුතු වර්ධනයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ආර්ථික අර්බුදයෙන් පසුව ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක්, සියයට 55 ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විශ්වාස කරන්නේ යැයි රට හිතන හැටි සමීක්ෂණ ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
කෙසේ වුවත් ජනගහණයෙන් සියයට 47 ක අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථිකය තවමත් දුර්වල තත්වයක පවතින බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
නමුත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 71 ක ප්‍රතිශතයක් වූ බවත් එයට සාපේක්ෂව මේ වනවිට එම ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.