රුපියල් බිලියන 400 ක භාණ්ඩාගාර බිල්පත් යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළේ රජයේ චපල පිළිවෙත නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (8) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසූයේ රජයේ සේවක පඩි නඩි ගෙවීමට මුදල් අවශ්‍ය බවට පක්ෂ නායක රැස්වීමේදී කියූ නමුත් ‘අපට සල්ලි ඕනෑ තරම් තියෙනවා. චීනෙන් සල්ලි ලැබෙනවා ‘ආදී වශයෙන් මුදල් ඇමැති රවී කරුණානායක වගාඩම්බර දොඩමින් විවාදයේ මුල සිට අග දක්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර ගැසීයැයි ඔහු කීවේය.
ප්‍රබල විපක්ෂයක සහාය පතන රජයක් ඒ ආකාරයෙන් හැසිරීම අනුමත නොකරන බව පෙන්වීම සඳහා රජයේ යෝජනාව පරාජය කිරීමට ක්ෂණික තීරණයක් ගත් බවත් ඔහු කීවේය. පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, මන්ත්‍රී තිලංග සුමතිපාල හා වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරුද පැමිණ සිටියහ.

