මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසුණු විට එහි දකුණු පස තීරුවක ප්‍රදර්ශනය වනුයේ ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි රැසකට පිවිසෙන සබැඳුම් කිහිපයකි.
‘ආණ්ඩුකාරවරියගේ වෙබ් අඩවිය ඔබ සාදරයෙන් පිළි ගනිමු‘ යනුවෙන් එහි ඉහළින්ම සඳහන් වේ.
‘ගෝ ඩැඩී ඩොට් කොම්‘ සමාගමින් ‘සීපීගවනර් ඩොට් කොම්‘ මෙම ඩොමේන් බලපත්‍රය ලබාගෙන ඇතත් එය පාවිච්චි කර නැති බව පෙනේයැයි ද, එවැනි පාවිච්චියට නොගන්නා අවස්ථාවන්හි අදාළ සමාගමේ දැන්වීම් ආදිය ස්වයංක්‍රීයව ප්‍රදර්ශනය වන බවත් බලපත්‍ර ලාභියාට එයි පාලනයක් නැති බවත්, ඇතැම්විට අසභ්‍ය වෙබ් අඩවිවලට පවා දොර ඇරෙන බවත් තොරතුරු තාක්ෂණ විද්‍යාඥයෝ කියති.
‘ගෝ ඩැඩී‘ වැනි සමාගම් වලින් ඉතා අඩුවට ඩොමේන් නම ගෙන ඇති බව පෙනේයැයි ද, එසේ ලබා ගත් ඩොමේන් බලපත්‍රය අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයය තමන්ගේ වෙබ් අඩවියේ තොරතුරු ඇතුළු නොකිරීමට හේතුව තොරතුරු තාක්ෂණය හා ඩොමේන් බලපත්‍ර ගැන වෘත්තීය නොහැකියාව බලපා ඇතැයි ච ඔවුහු කියති.
මේ වෙබ් අඩවියට පිවිසෙන පිරිසට රට රටවල් අනුව විවිධ දැන්වීම් පෙන්විය හැකි බව ද ඔවුහු සඳහන් කරති.


