ආණ්ඩු වෙනසකට තරුණයන් මහ මෙහෙවරක් කළා


පැවති රජය පාරාජය කිරීමට තරුණ පරපුර විශාල මෙහෙවරක් කළ බවත් ඔවුන් නවීන තාක්ෂණය භාවිතා කරමින් ජනමතය ගොඩනැගීමට කටයුතු කළේ මහත් බලාපොරොත්තු ඇතිව බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමත් රට යහමගට ගැනීමත් තම වගකීම බව හෙතෙම පවසයි.