ආණ්ඩු පක්ෂයට නැ'හිර සභාව එපා වෙලා


නැගෙනහිර පළාත් සභා රැස්වීමට අද මුළු විපක්ෂයම පැමිණ සිටි නමුත් ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ සිටියේ ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත විජේසේකර මන්ත්‍රී පමණි.

විපක්ෂ මන්ත්‍රීන් සියලු දෙනාම සිටින නිසා රැස්වීම පවත්වාගෙන යෑමට ආරියවතී ගලප්පත්ති සභාපතිනිය තීරණය කළාය.

පෙරවරු 10.30ට පමණ මහ ඇමති අබ්දුල් මජීඩ් මහතා පැමිණියේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 22කි. විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව 17කි.  දෙමළ සංධාන මන්ත්‍රීවරු කළු පටි බැඳගෙන ආහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය  යළි සංශෝධනය නොකරන ලෙස ඉල්ලමින් ඔවුහු එසේ විරෝධය පළ කරති.