නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
ඒ අනුව ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් වලට අනුකූලව පාර්ලිමේන්තුව රැස්වන තුරු පාර්ලිමේන්තු රැස්විම් සඳහා සහභාගී නොවීමට ගත් තීරණය තම කණ්ඩායම කිසිඳු ලෙසකින්වත් වෙනස් නොකරන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා අද (11) පැවැසීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී නොවූවද තම මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට පැමිණෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත සෞන්දර්ය නිකේතනයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.