ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් පළාගිය පළමු දවස අදයි - ඩලස්


(ඩයනා උදයංගනී)

ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු සභාවෙන් පලාගිය පළමු දිනය ලෙස අද දිනය ඉතිහාසගත වන බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයට අදහස් දැක්වීමට කතානායකවරයා කාලය ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පා සෙසු මන්ත්‍රීවරුන් සමඟ සභාවෙන් පිටව යාමෙන් සභානායකවරයා කළේ දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාට කළ බව කියන බලපෑමටත් වඩා වැඩි බලපෑමක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.