ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුවට නෑ


ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 

 

ආණ්ඩු පක්ෂය අද (29) දිනයේත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව ඉදිකිරීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අගමැතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී  අද පැවැත්වීමට නියමිත අතර එය ව්‍යවස්ථා විරෝධී එකක් බවද ඇමැතිවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී දැන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

ඡායාරූප - ළහිරු හර්ෂණ