ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හෙට ජනපති හමුවේ රැස්වෙයි


(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරු 6.30 ට ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා විවාදයට ගැනීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මෙසේ කැඳවා ඇත.

මේ අතර ආණ්ඩුවේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවැත්වේ.