(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා නම් කිරීමට රජය තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුර සඳහා අජිත් පී. පෙරේරා මහතාගේ නම යෝජනා කරන බවට සඳහන් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයක් පැවැසීය.