ආචාර්ය අභයතිස්ස හිමිට වරෙන්තු


පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනට පහර දුන් බවට එජාප පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසකට එරෙහිව පැවරූ නඩුවේ පැමිණිලිකාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා නියෝග කළේය.

මෙසේ වරෙන්තු නිකුත් කැරුණේ පැපිලියාන සුනේත්‍රා දේවි පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ටයි.

පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුදින මන්ත්‍රී ඇතුළු පිරිසක් පිරිවෙනට ඇතුළුවී දේපොළවලට හානි සිදුකළ බවට පැමිණිලිකරු බොරලැස්ගමුව පොලිසියට ප්‍රකාශ කර තිබිණි.