ආච්චිලාගේ අගේ අත් සළුවෙන් පෙනේ


‘ආච්චිලා‘ නැත්නම් සබරගමුවේ දේශීය අත් සළු නිෂ්පාදනය වළපල්ලට ගොස් හමාර බව සබරගමුවේ ග්‍රාමීය කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන ඇමැති බී ඒ එම් රංජිත් බණ්ඩාර මහතා කියයි.

තුන්සියයක්ව තිබූ සබරගමුවේ දේශීය පේෂකර්මාන්ත මාධ්‍යස්ථාන ගණන හැට  පහ දක්වා අඩුවී ඇතැයි ද වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇතත් ප්‍රමාණයත් සැපයුමක් නැතැයි ද කුරුවිට දේශීය අත්සළු අලෙවි හළ විවෘත කරමින් ඇමතිවරයා පැවසුවේය.

තරුණ පරපුර ඇඟලුම් කර්මාන්තය වෙත ඇදෙන නමුත් දේශීය අත්සළු කර්මාන්තය දෙස නොබලන බව ද යුරෝපා වෙළෙඳපොළේ හොඳ ඉලග්ලුමක් ඇති අත්සළු නිෂ්පාදන වැඩි කිරීම සඳහා වන සැලසුම්වලට පූර්ණ සහාය දෙන බව ද මහ ඇමති මහීපාල හේරත් මහතා පවසයි.