මාතර නාදුගල එන් එන් එස් කළ්‍යාණි(73) මහත්මිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා මාතර ඉල්මා විදුහලේ විභාග ශාලාවේදී පිළිතුරු ලිව්වාය.
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවයෙන් විශ්‍රාම ගිය කළ්‍යාණි මහත්මිය පැවසුයේ කාලයට ඔබින පරිදි නව තාක්ෂණ දැනුම ලබාගැනීම තම අරමුණ බවයි.
ලබන වසරේ ඉලෙක්ට්‍රොනික් හා හින්දි භාෂාවට සාමන්‍ය පෙළ විෂයන්ට පෙනී සිටින බව ඇය කීවාය.
“මම මේ විභාග වලට ලියන්නේ රස්සාවක් කරන්නම නෙවෙයි“යැයි ඇය කීවාය.




