ආච්චි කෙළෙසූ තරුණයා 18 වසරක් හිරේ
අසූහත් වියේ කතක කෙළෙසූ 20 හැවිරිදි තරුණයකුට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා බරපතළ වැඩ සහිත දහ අට අවුරුදු සිර දඩුවමක් නියම කළේය.
පනාවුර බටකිඹුරේ වික්‍රමගේ ඉන්දික සමන් කුමාර වික්‍රමරත්නට එම දඩුවමට නියම විය. කෙළෙසීමට ලක්වූ කතගේ දැන් වයස අවුරුදු 95කි. තරුණයා ගේ වයස දැන් අවුරුදු 26 කි. 2006 මැයි 16 වැනිදා මේ අපරාධය කැර ඇත.

