විවිධ ආගම් පිළිබඳව අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු හා අනවබෝධයෙන් ඇතිවෙන සැක සාංකා හෝ කුහුල අරමුණු කර ගනිමින් මෙවන් ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගිය දින ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් සංවිධානය කැර තිබිණි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ මැදගම වජිරඥාන නාහිමියන්ගේ මුලිකත්වයෙන් මීට වසර බොහොගනනකට පෙරාතුව ආරම්භකෙරුන මෙම වැඩපිළිවෙළ වාර්ෂිකව පවත්වන්නකි.
වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා බෞද්ධ මෙන්ම ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, යුදෙව්, ජෛන, සව්රාෂ්ඨ වැනි බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රධාන ආගම් නියෝජනය කරමින් පුජ්‍ය පක්ෂය සහ ගිහි නියෝජිතයින් පැමිණ සිටියහ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ ආගමික සහජීවනතා සංවිධානයන්ගේ නියෝජිතවරු ද ඒ සඳහා සහභාගී වුහ.
එහිදී විහාරස්ථ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සියලුම දෙනාට සෙත් පැතුහ. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දහම් පාසලේ සිසු සිසුවියන් විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිලිකරදෙමින් ඉදිරිපත්කල වැඩසටහන කාගේත් ප්‍රසංශාවට ලක්විය.
සියලුම ආගමික නියෝජිතයින් සහජීවනයේ වැදගත්කම පහදාදෙමින් අගනා දේශනා පවත්වනු ලැබිය.
ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා සහ එම මහත්මිය පිරිසක් ද උත්සවයට සහභාගී වූහ.

